25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋතුරේ වකුගඩු රෝගය පාලනයට නැනෝ පිරිපහදුවක්

උතුරේ වකුගඩු රෝගය පාලනයට නැනෝ පිරිපහදුවක්

උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනයට නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50 ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ යන්ත්‍රාගාර 4ක්, කිලිනොච්චි සහ වව්නියාව දිස්ත්‍රික්කවල යන්ත්‍රාගාර 23 බැඟින් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් මඟින් දිනකට ජලය ලීටර 2,000 ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින අතර විද්‍යාඥයින් පවසන්නේ නැනෝ තාක්ෂණය මඟින් ජලය පිරිපහදු කිරීමේදී ජලයේ අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග සහ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරන බවයි.

එමෙන්ම නැනෝ පිරිපහදුව මඟින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ වෙනත් කාබනික සංයෝග බැහැර කර ජලයේ දුඟද හා රස ඉවත් කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ සඳහා රුපියල් මිලියන 209 ක් වැය වන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.