27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති සහ UN සහකාර මහලේකම් අතර හමුවක්

ජනපති සහ UN සහකාර මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් සිදුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුවූ බවය.

එහිදී ජනාධිපතිවරයා විසින්, පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ජනවාර්ගික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව ඇයව දැනුවත් කර තිබේ.