26.7 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලපත්‍ර නොමැතිව ගුවන් ටිකට්පත් අලෙවි කරන්නන් ගැන අනතුරු ඇඟවීමක්

බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට්පත් අලෙවි කරන්නන් ගැන අනතුරු ඇඟවීමක්

රටපුරා බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් ජනතාවට අවධානයෙන් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එම අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ බලපත්‍රයක් නොමැතිව ගුවන් ටිකට් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එවැනි නියෝජිත ආයතන වෙතින් ගුවන් ටිකට් ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකිය යුතු බවත්ය.

එවැනි නීතිවිරෝධී නියෝජිතායතන සම්බන්ධයෙන් දන්නේ නම් දැනුවත් කරන ලෙසත් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.