27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමං දැන් දත් මදින්නෙත් ගංජා දන්තාලේපයකින් - ඩයනා ගමගේ

මං දැන් දත් මදින්නෙත් ගංජා දන්තාලේපයකින් – ඩයනා ගමගේ

තමන් දැන් දත් මැදීම සඳහා භාවිතා කරන්නේද කංසා යොදා සකස් කර ගත් දන්තාලේපයක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් මත්ද්‍රව්‍යවලට දැඩිව විරුද්ධ පුද්ගලයෙක් බවත් කංසා යනු විවිධ නිෂ්පාදන රැසක් බිහිකළ හැකි ඵලදායී භෝගයක් බවත්ය.

තමන් කිසිවිටෙකත් කංසා පානයක් ලෙස මෙරට භාවිතා කිරීමට යෝජනා නොකළ බවත් එය අපනයන භෝගයක් ලෙස වගා කොට මෙරටට ඩොලර් ගෙන ඒමේ මාර්ගයක් ලෙස භාවිතා කිරීමට රජයට යෝජනා කළ බවයි ඇය අවධාරණය කරන්නේ.