31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරෝදපුටුවක සිඟමන් යදිමින් සිටි යාචකයාට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

රෝදපුටුවක සිඟමන් යදිමින් සිටි යාචකයාට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

රෝදපුටුවක සිඟමන් යදිමින් සිටි යාචකයෙකුට දත් තුනක් කැඩෙන්න පහරදී රෝද පුටුවටද අලාභහානි කිරීම සම්බන්ධයෙන් සැකපිට පානදුර ප්‍රසිද්ධ අවන්හලක හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .

පානදුර මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

පහරකැමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පොල් ගසකින් ඇද වැටී කොන්ද කැඩී ඇති බවත්, රිය අනතුරකට ලක්ව දකුණු පාදය ඉවත් කර කෘතිම පාදයක් යොදා සිටින බවත් සදහන් වේ.

ඉකුත් 28 දා රාත්‍රීයේ මෙම පහරදීම සිදුකර ඇත. ප්‍රධාන සැකකරුට අයත් ආපන ශාලාව ඉදිරිපිට සිඟමන් යදිමින් සිටියදී අමානුෂික ලෙස කල පහරදීමෙන් දත් තුනක් ගැලවී ගොස් ඇති බවත් පොලිසිය කීය.

පහර කෑ යාචකයා පානදුර මූලික රෝහලේ වාට්ටු අංක එකෙහි ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

අලුබෝමුල්ල, නාත්තන්ඩිය සහ බද්දේගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩීඩීපී නන්දන මහතාගේ මෙහෙයවීමෙන් න් උප පොලිස් පරීක්ෂක වරුන්වන එච්.එම්.ඩී.හේරත් සහ සුසන්ත යන මහත්වරුන් පරීක්ෂණ පවත්වති .