27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල්වලත් බිත්තර හිඟයක්

රෝහල්වලත් බිත්තර හිඟයක්

මෙරට රෝහල් පද්ධතිය වෙත බිත්තර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දැඩිසත්කාර ඒකක සහ පිළිස්සුම් ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්, දියවැඩියා රෝගීන්, විශේෂ ආහාර වට්ටෝරු ලබාදිය යුතු රෝගීන්, ප්‍රෝටීන් ඌනතා සහ මන්දපෝෂණ තත්වයන්ගෙන් පෙළෙන්නන් ආදී වශයෙන් බිත්තර අනිවාර්යයෙන්ම ලබාදිය යුතු රෝගීන්ට පවා මේ හේතුවෙන් බිත්තර ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

බිත්තර මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් තමන් ටෙන්ඩර් ලබාගත් මිලට බිත්තර ලබාදිය නොහැකිවීමෙන් සැපයුම්කරුවන් රෝහල් වෙත බිත්තර ලබාදීම නවතා දමා ඇති බවයි එම සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ.

හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන්නේ කොළඹ ජාතික රෝහලට සතියකට බිත්තර 10,000ක්, රිජ්වේ ආර්යා ළමා රෝහලට සතියට බිත්තර 12,000ක් ආදී වශයෙන් රෝහල් පද්ධතියට විශාල වශයෙන් බිත්තර අවශ්‍ය වන බවයි.