31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ දළදා මාළිගාවක් ගැන අස්ගිරි, මල්වතු නාහිමිවරුන්ගෙන් ලිපියක්

ව්‍යාජ දළදා මාළිගාවක් ගැන අස්ගිරි, මල්වතු නාහිමිවරුන්ගෙන් ලිපියක්

ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අතිපූජ්‍ය මහනායක මහනාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ජානක සේනාධිපති යන පුද්ගලයෙකු විසින් මෙලෙස ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැගීම මෙන්ම මාළිගාවට අපහාස වන ප්‍රකාශ නිකුත් කර ඇති බවයි දියවඩන නිලමේවරයාගේ ද අත්සනින් යුක්තව නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන්නේ.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ මෙම ව්‍යාජ දළදා මාළිගාව ඉදිකෙරෙමින් පවතින අතර දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යාවට රැවටී මිල මුදල් රත්‍රන් ආදිය පරිත්‍යාග ඛරන බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව එම ලිපියේ සඳහන්.