24.5 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර් නඩුවේ සාක්ෂි කැඳවීම මාධ්‍යයට වැසෙයි

ෂාෆ්ටර් නඩුවේ සාක්ෂි කැඳවීම මාධ්‍යයට වැසෙයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්‍රසිද්ධියේ එම සාක්කි ලබා ගනිමින් සිටියි.

අද දහවල් 12.30 ට පමණ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියගේ නිල මැදිරියේදී මෙම මරණ පරීක්ෂණ සාක්ෂිය කැඳවනු ලැබීය.

මෙම සිද්ධියට අදාලව මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදීමට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බිරිය, ඔවුන්ගේ සමාගමක අධ්‍යක්ෂවරයකු වූ ත්‍රිස් පෙරේරා සහ බොරැල්ල කනත්තේ කම්කරුවන් දෙදෙනකු මෙලෙස සාක්ෂි ලබාදීමට අධිකරණයට පැමිණ ඇත.