― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහරියට ගණන් හදලා බලන්න - පාඨලීගෙන් කංචනට සැර පිළිතුරක්

හරියට ගණන් හදලා බලන්න – පාඨලීගෙන් කංචනට සැර පිළිතුරක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභයන් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ (3) ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍ය විජේසේකර සඳහන් කළේ ජල විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක තුළ ලංවිමය මෙහෙයුම් ලාභයක් ලැබූ බවය.

විජේසේකර අමාත්‍යවරයා අවධාරණය කළේ මෙහෙයුම් ලාභයට හේතුව 2022 අගෝස්තු මාසයේ සිදු කරන ලද ගාස්තු ඉහළ නැංවීම නොවන බවය. ඒ අනුව 2017 සිට 2022 දක්වා ලංවිමයේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශ සාවද්‍ය සහ නොමග යවන සුළු ඒවා බව අමාත්‍ය විජේසේකරගේ අදහස විය.

කෙසේවෙතත්, අමාත්‍යවරයාට පිළිතුරු දෙන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත්තේ 2022 ඔක්තෝබර් මාසයේ ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකළේ නම් ලංකා විදුලිබල මණ්ඩලය මසකට රු. බිලියන 11 ක අලාභයක් ලබනු ඇති බවය.

විදුලි උත්පාදනය සඳහා 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ජල විදුලි භාවිතය පිළිවෙලින් ගිගාවොට් පැය 635.5 ක් සහ 655 ක් වූ බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා; එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම අඩුව ඇති බව පෙන්වා දෙයි.

පාඨලී චම්පික රණවක මහතා විදුලිබල ඇමැතිවරයා වෙත කියා සිටින්නේ “අසත්‍ය සහ නොමගයවන සුළු ප්‍රකාශයන් සිදු නොකොට ඊට පෙර; තමන්ගේ ගණනය කිරීම් නිසි ආකාරයෙන් සිදු කරන” ලෙසය.