26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේට ඇප

අරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේට ඇප

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අරගල ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නා.

අරගලය පැවති සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

ඒ අනුව සැකකරු අද අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.