කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (07) සිට ඉරිදා දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මාළිඟාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
කොළඹ 1, 2, 3, 4, 7, 9, 10 සහ 11 යන ප්‍රදේශ සඳහායි මෙම ජන් ජල කප්පාදුව සිදුකරනු ලබන්නේ.