― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජනපතිගෙන් පොලිස්පතිට නියෝගයක්

ජනපතිගෙන් පොලිස්පතිට නියෝගයක්

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ “ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පතිවරයාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ වහා පරීක්ෂණ ආරම්භ කළ බවත්, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් දෙකක් මේ වනවිටත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.