29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකිරීම සහ දළදා වහන්සේට අපහාස කළ සිද්ධිය ගැන CID...

ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකිරීම සහ දළදා වහන්සේට අපහාස කළ සිද්ධිය ගැන CID විමර්ශනයක්

සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අන්දමින් සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා හමුවට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අදාළව සහ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වගන්තිවලට අදාළව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර සේපාල අමරසිංහ යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් පරීක්ෂණ සිදු කරනු ලබනවා.