27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශපාලන බලයෙන් කතුන් විකිණූ ගණිකා මඩම් දෙකක් වටලයි

දේශපාලන බලයෙන් කතුන් විකිණූ ගණිකා මඩම් දෙකක් වටලයි

මහනුවර ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප තම ආධාරකරුවකු විසින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වැටලීමට මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය සමත්ව තිබේ.

මෙම වැටලීමෙන් කාන්තාවන් සිව් දෙනෙකු සහ එම මඩම්වල කළමනාකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් තඹුත්තේගම, මාතලේ හා කටුගස්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 35- 38 වයස්වල පසුවන්නියන් බවයි පොලිසිය පවසන්නේ.

ගණිකා මධ්‍යස්ථාන හිමිකරු මහනුවර ප්‍රබල දේශපාලනඥනයාගේ බලය අයුතු ලෙස භාවිත කරමින් මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ස්ථාන කිහිපයක මෙම ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මහනුවර දංගොල්ල සහ ගැටඹේ අමරවංශ මාවතේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන සම්බාහන ස්ථාන මුවාවෙන් කලක පටන් පවත්වා ගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.