31 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනඩුවකට නැවතූ ටිපර් රථයෙන් දෙවන වරටත් ගංජා තොගයක් මතුවෙයි

නඩුවකට නැවතූ ටිපර් රථයෙන් දෙවන වරටත් ගංජා තොගයක් මතුවෙයි

මන්නාරම ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ භූමියේ නවතා තිබූ ටිපර් රථයකින් දෙවන වතාවටත් රුපියල් කෝටි 3කට අධික කේරළ ගංජා තොගයක් හමු වී තිබෙනවා.

මෙම ටිපර් රථය පසුගිය නොවැම්බර් මාසයේ මන්නාරම ඉලුප්පකඩවායි ප්‍රදේශයේදී කිලෝ 30කට ආසන්න කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමිනි සිටියදීයි සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඊට අදාළ සැකකරුවන් බන්ධනාගාරගත කර ඇති අතර ටිපර් රථය අධිකරණ භූමියේ රථගාලේ ගාල් කර තිබුණා.

පසුව මන්නාරම පොලිස් විෂ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව මාසයකට පසුව නැවත පරික්ෂා කිරීමේදී එහි සඟවා තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 116ක් අද (05) දින නැවත සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.