29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 09ක් නාවික හමුදාවට කොටුවෙයි

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 09ක් නාවික හමුදාවට කොටුවෙයි

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාවක් සහ මුහුදු කූඩැල්ලන් 168ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම, වංකාලේ, අච්චාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී යසැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 25ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර තිබෙනවා.