― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalබලය ලබාගෙන රට හදන්න අපි සූදානම්

බලය ලබාගෙන රට හදන්න අපි සූදානම්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී මාස 3කින් නව ආණ්ඩුව පිහිටුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩු බලය ලබා ගැනීමට පමණක් නොව බලය ලබාගෙන රට ගොඩනැගීමටද ජාතික ජන බලවේගය සූදානම් බවයි..

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු නොකරන්නේ නම් විරෝධතා පවත්වා හෝ මැතිවරණය පැවැත්විය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.