29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණ කොමිසමෙන් මැතිවරණය ගැන දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් මැතිවරණය ගැන දැනුම්දීමක්

අද (05) පස්වරු 4.15 වන විට එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් එක් දේශපාලන පක්ෂයක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ආයතන දෙකක් සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ.

මේ අතර ඡන්ද විමසීමේ කාලසීමාව තුල දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතු වන හෝ අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බවට මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කාලසීමාව තුල රජයේ දේපළක්, යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තෝරා පත්කර ගැනීම ප්‍රවර්ධනය කිරීම හෝ වළක්වාලීම වෙනුවෙන් කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් භාවිත කරන්නේ නම් එය තහනම් කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට හෝ කොමිසමට බලය පවතිනවා.

එවැනි විධානයක් උල්ලංඝණය කිරීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර තුනක සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයකින් හෝ එකී දඩුවම් ද්විත්වයම ලබාදීමට හැකි බවටයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.