29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමේ වසරේදී විදේශ රැකියා මුළුමනින්ම ඩිජිටල්කරණය කරනවා

මේ වසරේදී විදේශ රැකියා මුළුමනින්ම ඩිජිටල්කරණය කරනවා

මෙම වසර අවසන් වන විට විදේශ රැකියා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන බවත් ඒ සඳහා වන මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයේදී පැවැසීය.

ග්ලෝකල් ෆෙයා 2023 සමාරම්භක ව්‍යාපෘතිය යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් එලැඹෙන පෙබරවාරි 25 සහ 26 දෙදින තුළ පැවැත්වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

එහිදී මාධ්‍යෙව්දියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද කීය.

ඩිජිටල් සිස්ටම් එක සම්බන්ධ අවශ්‍යතාවය කාලාන්තරයක් තිස්සේ තියෙන දෙයක්. ඇයි මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩවලට කොළඹ ම එන්න ඕනේ කියන එක කාලයක් තිස්සේ අහන දෙයක්. දැනටත් යාපනයේ අපේ කාර්යාලයක් තියෙනවා. එහෙම එන්නේ නැති ව ගෙදර ඉඳල ම කරගැනීමේ අවශ්‍යතාව දැන් තියෙනවා. ඒ නිසා මේ වසරේ දී අපි මේ කාර්යය කරන්න උත්සාහ කරනවා. පහුගිය මාස හයක වගේ කාලය තුළ කම්කරු අමාත්‍යංශය තුළ අපි මේ කාර්යයන් කළා.

විදේශ රැකියා ක්ෂේත්‍රය මේ අවුරුද්ද අවසන් වන විට පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පිටරට සේවා යෝජකයාට අපේ ශ්‍රමිකයෙක් සොයා ගැනීමට අවශ්‍ය වෙද්දී, එහේ ඉඳලා ම අන්තර්ජාලය ඔස්සේ කරගන්න, විදෙස් රැකියාවන්ට අදාළ සියලු කාර්යයන් ඩිජිටල් වේදිකාවක් හරහා ම කර ගන්න අවශ්‍ය මූලික කරුණු කාරණා මේ දිනවල කරමින් ඉන්නවා.