26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදියක් බන්ධනාගාර බස් රථයක ගැටී දෙදෙනෙක්ට තුවාල

යතුරුපැදියක් බන්ධනාගාර බස් රථයක ගැටී දෙදෙනෙක්ට තුවාල

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝගී රැඳවියකු රැගෙන යමින් සිටි මාතර බන්ධනාගාරයට අයත් බස් රථයක යතුරුපැදිය ගැටී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. බන්ධනාගාර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ නියාමකවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ අඹු සැමි යුවළ බණ්ඩාරගම නගරයේ සිට මොරන්තුඩුව දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී බන්ධනාගාර බස් රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බන්ධනාගාර බස් රථයේ දකුණු දකුණුපස ඉදිරි කොටසට බරපතල අලාභ සිදු වී ඇති අතර යතුරු පැදියටද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා. තුවාල ලැබූ යුවළ ප්‍රදේශවාසීන් විසින් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ලබාදී හොරණ මූලික රෝහල වෙත යොමු කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔවුන් දෙදෙනා බණ්ඩාරගම හද්දගොඩ වටරවුම් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකාර බන්ධනාගාර නියාමක රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.