27.8 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවන්දි ඉල්ලන්න ඕනෙ මගෙන් නෙවෙයි රජයෙන්

වන්දි ඉල්ලන්න ඕනෙ මගෙන් නෙවෙයි රජයෙන්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් ගොනුකර ඇති නඩුවලින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම නියෝගය අවලංගු කර එම නඩුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව පෙබරවාරි 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නිවේදනය කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලිය යුත්තේ තමාගෙන් නොව රජයෙන් බවයි මන්ත්‍රීවරයා සිය අභියාචනය මඟින් පෙන්වා දී ඇත්තේ.