29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන T20 තරඟය තරගයේ ඉන්දියාවේ ආරාධනය මත පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 206ක් රැස් කිරීමට සමත් වුණා.

නායක දසුන් ශානක වේගවත් පිති හරඹයක නිරත වෙමින් පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56ක් ලබාගත්තා.ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත්.

කුසල් මෙන්ඩිස් පන්දු 31කින් වේගවත් ලකුණු 52ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද සමගින්.

පැතුම් නිස්සංක ලකුණු 33ක් සහ චරිත් අසලංක ලකුණු 37ක් ලබාගත්තා. අසලංක එම ලකුණු 37 ලබාගත්තේ පන්දු 19කට මුහුණ දෙමින්. හයේ පහර 4ක් ඔහුගේ ලකුණු අතරට එක්වුණා.

පන්දු යැවීමේදී උම්රාන් මලික් කඩුලු 3ක් සහ ඇක්සාර් පටෙල් කඩුලු දෙකක් බිඳහෙළුවා. ඉන්දීය පිළිතරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.