27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසම්බන්ධන්ව බලන්න මහින්ද ගෙදරටම ගියේ ඩීල් එකකටද?

සම්බන්ධන්ව බලන්න මහින්ද ගෙදරටම ගියේ ඩීල් එකකටද?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් බැලීමට ඔහුගේ නිවසට ගොස් තිබේ.

මෙම හමුවේදී උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සහ දෙමළ ජාතික ප්‍රශ්න පිළිබඳව කරුණු ඉදිරිපත් කළ සම්බන්ධන් කියා සිටියේ රජය විසින් උතුරු නැඟෙනහිර ප්‍රශ්නය කඩිනමින් විසඳිය යුතු බවයි.

මේ අතර මහින්ද රාජපක්ෂ පැවසුවේ ලබන සතියේ පැවැත්වීමට නියමිත තෙදින සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සහභාගී වන බවත් ඉන් පසුව එහි යෝජනා ධනාත්මකව විමසා බලන බවත්ය.

මෙම ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර සුහද විසඳුමකට පැමිණීමට උත්සාහ කරන බව මහින්ද රාජපක්ෂ එහිදී සම්බන්ධන්ට සහතික වී තිබේ.