― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසේපාල් අමරසිංහට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා

සේපාල් අමරසිංහට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා

ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදු කළ සේපාල් අමරසිංහට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාද කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී දළඳා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නෙවෙයි සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ, ඒක නිසා ශ්‍රී දළඳා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත්ම අයිතියක් නෑ. පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල් අමරසිංහ නැමැත්තෙක් ඉතාමත් මිලේච්ච විදියට ඉතාමත්ම නින්දිත විදියට දළඳා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාව වන අපිත් හිත් සෑහෙන්න පෑරිලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා ඔහු මිත්‍යාදෘෂ්ඨිකයෙක් කියලා ඔහුට කියාගන්න. ඒකට අපි විරුද්ධවෙන්නේ නෑ. ඔහු හිතනවා නම් ඔහු මන්ධබුද්ධිකයෙක් කියලා ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්, ආණ්ඩුවක් විදියට පැහැදිළිව කියනවා මේ රටේ ආගමික ගැටුමක් ඇතිකරන්න හදන මේ තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා.