29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසොත්ති උපාලිගේ පුතා මත්කුඩු හා ආයුධ සමඟ අත්අඩංගුවට

සොත්ති උපාලිගේ පුතා මත්කුඩු හා ආයුධ සමඟ අත්අඩංගුවට

කලකට ඉහතදී සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු ලෙස කටයුතු කළ මියගිය සොත්ති උපාලිගේ පුතා තියුණු ආයුධ තොගයක් සහ හොරොයින් මත්කුඩු සමඟ ඊයේ (04) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

සැකකරු සමඟ කඩුවක්, කිනිසි තුනක් මෙන්ම හොරයින් මත්කුඩු ග්‍රෑම් නවයක් පොලිසිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරබවලගේ දොන් සජිත් රන්දික නැමැත්තෙක් වන අතර නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ හොරයින් ජාවාරමක් සිදුවන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක ප්‍රියදර්ශන විතානගේට ලද තොරතුරකට අනුව ඊයේ 4 රාත්‍රී වැටලීම සිදු කළ බවයි පොලිසිය පවසන්නේ.

වයස අවුරුදු 28ක් වන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ උපදෙස් මත පරීක්ෂණ සිදුකරනු ලබයි.