28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයට අයැදුම්පත් කැඳවීම මේ මස අග

පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ සිටින අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට ඒ සඳහා අයැදුම්කිරීමේ අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගුරුවරුන් 12,000 ක් විශ්‍රාම ගැනීමත් සමග පාසල්වල මේ වනවිට ගුරු පුරප්පාඩු 22,000කට අධික සංඛ්‍යාවක් පවතින බවත් විද්‍යාව ,ගණිතය,තාක්ෂණය හා සෞන්දර්ය විෂයන්වලට අදාළ ගුරු පුරප්පාඩු රැසක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

විභාගය කඩිනමින් පවත්වා අප්‍රේල් මාසයට පෙර නව ගුරුවරුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.