25 C
Colombo
Sunday, December 3, 2023

කාන්තාවගේ කට හා ගෙල කැපූ අනියම් පුරුෂයා සොයා මෙහෙයුම්

පොලිස් නිලධාරියෙකු ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙළ සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර පළා ගොස් ඇති අනියම් පුරුෂයා අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

ඊයේ (05) පස්වරුවේ වෙන්නප්පුව – අංගම්පිටිය ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා භූමියක කම්කරු නිවාසයක් තුළදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි වියේ පසු වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව තම විවාහක ස්වාමිපුරුෂයාගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව වෙනත් පුරුෂයින් කීපදෙනෙකු සමඟ පසුගිය කාලය තුළ ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස සිව්වන අනියම් පුරුෂයා ලෙස තෝරාගත් පුද්ගලයා සමඟ අදාළ කාන්තාව මීට මාස 02 කට පමණ පෙර වෙන්නප්පුව – අංගම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන උළු කර්මාන්ත ශාලාවක් වෙත පැමිණ ඇති බව සඳහන්.

අනතුරුව එම කර්මාන්ත ශාලාවේ කම්කරු නිවාසයක පදිංචි වී දෙදෙනාම කම්කරුවන් ලෙස එහි සේවය කර ඇති බවයි වාර්තා වන්නේ. තම අනියම් පුරුෂයා විසින් තමන්ට නිතර පහර දෙමින් වධ හිංසා කරන බවට මෙම කාන්තාව පසුගිය 04 වනදා වෙන්නප්පුව පොලීසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා වෙන්නප්පුව පොලීසියේ නිලධාරියෙකු ඊයේ (05) සවස ඔවුන් පදිංචිව සිටින උළු කර්මාන්තශාලාවේ කම්කරු නිවාසය වෙත පැමිණ ඇති බව සඳහන්.

එහිදී දෙපාර්ශවය කැඳවා අවවාද කිරීමෙන් අනතුරුව දෙදෙනාගේම කට උත්තරයක් ලබා ගැනීමට පොලිස් නිලධාරියා කටයුතු කර තිබෙනවා. එම අවස්ථාවේදී අනියම් සැමියා එක් වරම තියුණු ආයුධයකින් කාන්තාවගේ ගෙළ සහ කට කපා දරුණු ලෙස කපා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව සිද්ධියෙන් කලබලයට පත්ව ඇති පොලිස් නිලධාරියා මේ බව තම උසස් නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන අතර වාරයේ සැකකරු තමා හැද සිටි ටී ෂර්ටයෙන් කාන්තාවගේ ගෙළ ආවරණය කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවද කම්කරු නිවාසයෙන් පිටතට පැමිණ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනයක නැඟ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ගොස් ඇති අතර පසුව බරපතළ තත්ත්වයේ පසු වූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධියෙන් පසු පළාගොස් සැඟව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලීසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ. ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාතමක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here