27.9 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalදෙමළ ජාතික සන්ධානය නිවස ලකුණින් මැතිවරණයට

දෙමළ ජාතික සන්ධානය නිවස ලකුණින් මැතිවරණයට

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පැවසීය.

පසුගිය මැතිවරණවලදිත් දෙමළ ජාතික සන්ධානයේ සියලුම සාමාජික පක්ෂ එම පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිවස ලාංඡනයෙන් මැතිවරණවලට ඉදිරිපත් වු ආකාරයටම මෙවර පළාත් පාලන මැතිවරණයටත් තරඟ කරන බව ඔහු සඳහන් කළා.