25 C
Colombo
Sunday, December 3, 2023

මරණ 08කින් කෙළවර වූ අරුම පුදුම දික්කසාද නඩුව

තම බිරිඳ දික්කසාද නඩුවක් ගොනු කිරීම හේතුවෙන් ඇයගේ මුළු පවුලම ඝාතනය කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.

42 හැවිරිදි මයිකල් හේට් නම් මෙම සැකකරු බිරිඳට, බිරිඳගේ මවට සහ ඔහුගේ දරුවන් පස් දෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරව ඔහුද සියදිවි හානි කර ගෙන ඇති බවයි මාධ්‍යවල දැක්වෙන්නේ.

දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනෙකු ගැහැණු ළමුන් බවත් දෙදෙනකු පිරිමි ළමුන් බවත් ඔවුන් වයස අවුරුදු 4 ත් 17 ත් අතර වයස් සීමාවේ පසුවූ අය බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 21 වැනිදා සැකකරුගේ බිරිඳ ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර මෙම ඝාතනවලට හේතුව වී ඇත්තේද එය බව පෙනෙන්නට තිබෙන බවයි යුටා පොලිසිය පෙන්වා දී ඇත්තේ. මියගිය පිරිස නගරයේ ප්‍රසිද්ධ අය බවද සඳහන්.

මයිකල් හයිට් නම් සැකකරු විසින් ඔහුගේ බිරිඳ, ඔහුගේ නැන්දම්මා සහ දරුවන් පස් දෙනා ඝාතනය කර ඇති බවට ප්‍රදේශවාසීන් ද විශ්වාස කරන අතර, මියගිය සෑම කෙනෙකුගේම සිරුරුවල වෙඩි සලකුණු ඇති බවයි ආරක්ෂක අංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

40 හැවිරිදි Tausha Haight දෙසැම්බර් 21 දින තම සැමියාගෙන් දික්කසාද වීමට ගොනු කළ බව අධිකරණ වාර්තා පෙන්වා දෙනවා. ඇගේ නීතිඥවරයා බ්‍රහස්පතින්දා පැවසුවේ දෙසැම්බර් 27 වන දින Haight හට දික්කසාද පත්‍රිකා ලබා දුන් බවයි. ඝාතනයට ලක්වූවන්ගේ සිරුරු නිවස තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම ළමුන් අතර වයස අවුරුදු 4 සිට 17 දක්වා වයස්වල පසුවන අතර ගැහැණු ළමයින් තිදෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි බලධාරීන් පවසන්නේ.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

ස්කොට්ලන්තයට දුන් යෝධ පැන්ඩාවන් නැවතත් චීනයට

වසර 12ක කාලයක් ස්කොට්ලන්තයේ Edinburgh සත්වෝද්‍යානයේ රැඳී සිටි යෝධ පැන්ඩාවන් වන ‍Yang Guang සහ Tian Tian දෙසැම්බර් මස මුලදී නැවත චීනයට යවන බවට තිරතුරු...

බෝම්බ බියකින් බැංගලෝරයේ පාසල් 13ක් කැලඹෙයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත් කරගෙන තිබෙනවා. අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ පණිවුඩයකින් මෙම බෝම්බ තර්ජන...

ඊශ්‍රායල – හමාස් ගැටුම් යළි ඇවිලෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර නැවතත් ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පුරා දින 7ක් දෙරට අතර පැවති සටන් විරාමය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here