27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයන තහනම ඉවත් කිරීමට අවධානය

වාහන ආනයන තහනම ඉවත් කිරීමට අවධානය

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

රජයට වැඩි ආදායමක් ලැබෙන පරිදි බදු සංශෝධනය කර ඇතැම් වාහන වර්ග පමණක් ආනයනය කිරීමට ඉඩ සැලසීමට අධ්‍යයනය කරමින් සිටින බවයි ඔහු අවධාරණය කළේ.

පසුගිය වසර 02කට වැඩි කාලයක සිට වාහන ආනයනය තහනම් කර ඇති අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාහන මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

කෙසේනමුත් විවිධ හේතූන් මත මිල ගණන් පහත වැටීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබේ.

රජය පසුගිය කාලයේ ආනයන තහනම ලිහිල් කරමින් සිටියදී ඊයේ යළිත් වරක් ඇතැම් භාණ්ඩ සඳහා තාවකාලික තහනමක් පැනවුණා.