25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅතුරුදන් වූ දැරියක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන් වූ දැරියක් සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන්ව සිටින අවුරුදු 15ක වයසැති දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.මෙලෙස අතුරුදන් වී ඇත්තේ තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ පදිංචි දැරියක්.

දැරිය ඔක්තෝබර් 13 වනදා පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් විසින් තෙල්දෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන තෙල්දෙණිය පොලිසිය පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 13 වනදා මෙම දැරිය සිය පාසලේ මිතුරියක සමග පාසලට නොගොස් මහනුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් පැමිණ ඇති බවත් එහිදී දුම්රියේ සිටි තරුණයෙකු විසින් මෙම දරුවන් පිළිබඳව සැක සිතී දරුවන්ගෙන් තොරතුරු විමසා ඇති බව සඳහන්.

පසුව ඒ සම්බන්ධව දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් පැමිණෙන තුරු දරුවන්ව ඔහු භාරයේ තබාගන්නා ලෙසටයි දෙමාපියන් අදාළ තරුණයාට දන්වා ඇති අතර ගෝල්ෆේස් පිටියේ රැඳි සිට ඇති අතර එසේ සිටින අතරතුරදී මෙම දැරිය ඔවුන් මඟහැර ගොස් තිබෙනවා.

සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අතුරුදන්වී ඇති දැරිය සමග සිටි අනෙක් දැරිය දෙමාපියන් වෙත එම තරුණයා විසින් භාරදී ඇති බවයි.

අතුරුදන් දැරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර දැරිය සොයාගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ දැරිය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් පහත සඳහන් දුරකථන අංක හරහා දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තෙල්දෙණිය පොලිස්ථානය – 081 237 4073

තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂක – 071 859 1066