― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅන්තර්ජාලයෙන් ඉගෙන ගෙන ක්‍රෙඩිට් කාඩ්වලින් මුදල් ගැරූ තරුණයා මාට්ටු

අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන ක්‍රෙඩිට් කාඩ්වලින් මුදල් ගැරූ තරුණයා මාට්ටු

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 55ක පමණ විවිධ භාණ්ඩ මිලදී ගත් 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටියේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ජංගම දුරකථනයකින් අන්තර්ජාලයට යොමු වී ලබාගත් දැනුමෙන් මෙම වංචාව සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තම අවසරයක් හෝ අනුදැනුමකින් තොරව කිසියම් පුද්ගලයකු අන්සතු කාඩ්පත් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 28ක මුදලක් අන්තර්ජාලය ඔස්සේ ගනදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රධාන පෙළේ සමාගමකින් ලද පැමිණිල්ලක් අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමාජ ජාලය හරහා සමූහයක් වශයෙන් එක්වී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ පරිගණකය පරික්ෂා කිරීමේදී එහි අන්සතු ලක්ෂ 5ක දත්ත ගබඩා කර ඇති බවත්, දත්ත උපයෝගී කරගෙන මොහු අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පරිගණක, කැමරා, විවිධ ආහාර ද්‍රව්‍ය, මත්පැන් මදි භාණ්ඩ රැසක් ම මොහු විසින් වරින් වර ගෙන්වාගෙන ඇති බව ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

එකොළොස් වන වසරට පමණක් අධ්‍යාපනය ලබා ඇති සැකකරු පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් දැනුමක් ලබාගෙන අන්තර්ජාලයෙන් මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු සමග සම්බන්ධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.