කොළඹ වරායෙන් නිදහස් කර නොගැනුණු රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමින් යුත් කහ දොඩම් කිලෝ 72,000 ක් (බහලුම් තුනක්) රෝහල්වලට බෙදා හැරීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.
මෙම දොඩම් ගෙඩි තොගය කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇත.
රෝහලවලට මෙම දොඩම් නොමිලේ ලබාදෙන නිසා මුදල් අමාත්‍යාංශය එම දොඩම් වලට අදාල රේගු බදු ඉවත් කර තිබෙනවා.