― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති මනූෂට කෝප් කමිටුවේ අප්‍රසාදය

ඇමති මනූෂට කෝප් කමිටුවේ අප්‍රසාදය

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) බලතල දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සිය කනගාටුව පළ කිරීමට කමිටුව තීරණය කළේය. මීට අමතරව මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමටත් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5 වැනිදා පෙරවරුවේ රැස්විය. නානායක්කාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ගැන අප්‍රසාදය පළවූයේ ඒ අවස්ථාවේදීය.

කම්කරු අමාත්‍යවරයා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල මෙසේ විවේචනයට ලක් කර ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනිදා පැවති ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී යැයි කෝප් කමිටුව පවසයි.

මනුෂ නානායක්කාර කළ මෙම විවේචනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලිපියකින් දැනුම්දී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.

මහජන නියෝජිතයන්ගේ මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බව තමාගේ අදහස යැයි විගණකාධිපතිවරයා එම ලිපිය මගින් කරුණු පෙන්වාදී ඇත.

#lankadeepa