31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට බෝනස් දීමේ වරදක් නැහැ - බන්දුල සමන් කුමාර

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට බෝනස් දීමේ වරදක් නැහැ – බන්දුල සමන් කුමාර

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිදු බාධාවක් නොමැති බව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් කොවිඩ් සමයේදීද අඛණ්ඩව සේවය කළ බවත් රාජ්‍ය සංස්ථාවල සේවකයන්ට පාරිතෝෂික නොගෙවන ලෙස මහා භාණ්ඩාගාරයෙන් මේ දක්වා කිසිදු චක්‍රලේකනයක් නිකුත් කර නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.