― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකා කම්කරු කොංග්‍රසය කුකුළා ලකුණින් මැතිවරණයට

ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා ලකුණින් මැතිවරණයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයින් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොන්ග්‍රසයේ ලාංජනය වන කුකුළා ලකුණ යටතේ තරග කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් පවසනවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතනවලට තරග කරන අපෙක්ෂකයන් සමඟ ඊයේ (05) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කුකුළා ලාංඡනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවූ බවත්, පළාත් පාලන මැතිවරණයේ දී කුකුළා ලකුණින් තරග කිරීමෙන් තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් සඳහන් කර සිටියා.

එමෙන්ම කුකුළා ලාංඡනයෙන් තරග කිරිම තුළින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂවලට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීමේ අවස්ථාව නොලැබී යන බවත් ඔහු සඳහන් කළා.

කනපති කනගරාජ් වැඩිදුරටත් කියා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන ගත වී මැතිවරණයට ඉදිරිපත් විම තුළින් තම පක්ෂයට අවාසියක්ද සිදුවන බවයි.