29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොරි රථයක් පාපැදියක් මතට වැටී අයෙක් ජීවිතක්ෂයට

ලොරි රථයක් පාපැදියක් මතට වැටී අයෙක් ජීවිතක්ෂයට

මීරිගම – පස්යාල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේදී ඊයේ (05) සිදුවූ අනතුරකින් පාපැදියක ගමන්ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්යාල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ ලොරි රථය පෙරළී ඇත්තේ මාර්ගයේ ගමන්ගත් පාපැදිකරුවෙකු මතට බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ලොරි රථය පෙරළීමෙන් බරපතළ තුවාල ලබා සිටි පාපැදිකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කල්එළිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60ක පුද්ගලයෙක්. අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ලොරි රථයේ රියදුරු මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.