සියලු දෙනාම සාකච්ඡා කර පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පොදු මතයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම් දී තිබේ.
ජනාධිපවතිවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ (05) සවස මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදීය.
ඡන්දය පැවැත්වීමේ බලතල තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බැවින් එම බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව කොමිෂන් සභාව සතු බවයි ජනාධිපතිවරයා එහිදී සාමාජිකයින්ට පවසා ඇත්තේ.
කිසියම් ගැටලුවක් ඇත්නම් නම් ඒ පිළිබඳව නීතිපතිවරයා වෙතින් උපදෙස් ලබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සිවු දෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර මීට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන සහ නීතිපතිවරයාද මෙම අවස්ථාවට එක්ව තිබේ.