― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට විශේෂ සංචාරක දුම්රියක්

සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට විශේෂ සංචාරක දුම්රියක්

සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් එළඹෙන පහළොස් වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීතාවකපුරසංචාරක කලාප වර්ධනය වැඩසටහන පිළිබඳව පැවැති සාකච්ඡාවකටඑක්වෙමිනි.

සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දර ම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ශනයක් සහිත ස්ථාන රාශියක් ද පවතිනවා.එම නිසා මේ වැදගත්කම පිළිබඳව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්. එවිට ඔවුන් තුල මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා වැඩි උනන්දුවක් ඇති කළ හැකියි. ප්‍රදේශීය තුළ දැනට පවතින සංචාරක කර්මාන්තය තුළින් අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් බිහිවී තිබෙනවා.

එම සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමානුකූලව වර්ධනය කිරීම වෙනුවෙන් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් නව ව්‍යාපෘතියක් එළඹෙන පහළොස් වැනිදා සිට ආරම්භ කිරීමට අප කටයුතු කරනවා.

දැනට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ඇල්ල ඔඩෙසි, කැන්ඩි ඔඩෙසි වැනි සංචාරක දුම්රිය මේ වන විට සපුරා ගත නොහැකි ඉල්ලුමක් ඇති තත්ත්වයට වර්ධනය වී තිබෙනවා. එවැනිම ආකාරයේ සතිඅන්ත සංචාරක දුම්රිය සේවයක් සීතාවක ඔඩෙසි නමින් ආරම්භ කරනවා. කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මගින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.