― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහංවැල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

හංවැල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ‘කරවිට සීයා‘ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තැනැත්තා පසුගිය දෙසැම්බර් මස 18 වැනිදා හංවැල්ල, හරස් පාරේ ආපනශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව්කයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අද (06) අලුයම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එහිදී සැකකරු විසින් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර, ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ දී සැකකරු බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බරපතළ තුවාළ ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.