2022 වසරේ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.13ක් උපයා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2021 වසරේ සංචාරක ඉපයීම්වලින් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 506.9ට සාපේක්ෂව 124.2%ක වර්ධනයක් බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.