― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉන්දියාවට ලකුණු 91ක දැවැන්ත ජයක්

ඉන්දියාවට ලකුණු 91ක දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් තරගය ලකුණු 91කින් ජය ගැනීමත් සමඟයි.

රාජ්කොට් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා අද තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ සුර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 112ක් ලබාගත්තා.මෙය සූර්ය කුමාර් යාදෙව්ගේ වාර්තා අතරට එක්වන්නේ ඔහු T20 තරග දිවියේ රැස් කළ තුන්වන ශතකය ලෙසටයි.

මීට අමතරව Shubman Gill ලකුණු 46ක් ද රාහුල් ත්‍රිපති ලකුණු 35ක්ද ලබාගත්තා.

දිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් බිඳහෙළුවා. කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 137ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා දසුන් ශානක ලකුණු 23 බැගින් ලබාගත්තා.පන්දු යැවීමේදී Arshdeep singh කඩුලු 3ක් ලබාගත්තා.

තරගයේ වීරයා සූර්ය කුමාර් යාදෙව්.

දෙරට අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන අගහරුවාදා ආරම්භවීමට නියමිතයි.