27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsප්‍රදේශයක් බිය වැද්දූ WhatsApp කල්ලියකට වැඩ වරදී

ප්‍රදේශයක් බිය වැද්දූ WhatsApp කල්ලියකට වැඩ වරදී

වව්නියාව, පුවරසන්කුලම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06) සිදුකර විශේෂ වැටලීමකදී එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරමින් ක්‍රියාත්මක වන ‘ගෙත්තු පසංඟා’ යන නාමයෙන් හැදින්වෙන කල්ලියක සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

වට්ස්ඇප් සමාජ මධ්‍ය ඔස්සේ සංවිධානය වී මොවුන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරන බවයි අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කණ්ඩායමට සම්බන්ධ 18 හැවිරිදි වියේ පසුවන තරුණයින් සිව්දෙනෙක් බවත් ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාරදිමටයි කටයුතු කර ඇත.

පසුගිය 05 වනදා වව්නියාව, පුවරසන්කුල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම වට්ස්ඇප් කණ්ඩායම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.