― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර

ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරා.

පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිත බවත් මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව ලබන සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

බිත්තර මිල ඉහළයාම හමුවේ පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය 2 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණු අතර එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි වුණා.