29.1 C
Colombo
Wednesday, February 28, 2024

මුදල් කොල්ලකෑ පොලිස් සැරයන්වරයා ඇතුළු කණ්ඩායමක් සොයා මෙහෙයුම්

මුදල් කොල්ලයක් සිදුකර පළාගිය පොලිස් සැරයන්වරයා ඇතුළු සිව්දෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හලාවත පොලීසියට අනියුක්තව රාජකාරියේ නිරතවී සිටි අදාළ සැකකාර පොලිස් සැරයන්වරයා තවත් පුද්ගලයන් 04 දෙනෙකු සමග එකතු වී මෙම මුදල් කොල්ලය සිදුකර ඇත.

සැකකරුවන් සංචාරක වෙළෙඳාමක නිරතවූ ලොරි රථයක් නවතා එහි තිබූ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් එලෙස කොල්ලකා ඇති බව කැකිරාව ගිරානේගම පොලීසිය සඳහන් කළා.

මෙම මංකොල්ලයට සම්බන්ධ එක් සැකකරුවෙකු යතුරුපැදියක් සමග මකුලුගස්වැව පොලීසිය අත්අඩංගුවට ගෙන ගිරානේගම පොලීසියට බාරදී තිබේ.

සැකකාර පොලිස් සැරයන්වරයා තම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් 04 දෙනෙකු සම්බන්ධ කරගෙන පොලිස් නිල ඇඳුමෙන් සැරසී පාළු ප්‍රදේශවල රථවාහන රාජකාරියේ යෙදීසිටින මුවාවෙන් වාහන නවතා සෝදිසි කොට ඒවායේ ඇති මුදල් ලබාගැනීම සිදුකර තිබේ.

ලොරි රථයේ රියදුරුට සැකසිතී එලෙස පළායමින් සිටි එක් යතුරුපැදිකරුවෙකුව සිය රථයෙන් හප්පා නවතාගෙන අවට ජනතාවගේද සහාය ඇතිව මකුලුගස්වැව පොලීසියට භාරදී ඇත.

මකුලුගස්වැව පොලීසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල් කොල්ලය පිළිබඳ හෙළිවී තිබුණි.

Latest

ජනපති රනිල්ට නොතීසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ...

ගම්පහ දුම්රිය ස්ථානයේ දිගු පෝලිම්

විශාල ජනකායක් එදිනෙදා භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු...

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින්...

පාතාල කෙරුමෙක් වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

පසුගියදා මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවි සැලකදී පුද්ගලයෙකුට වෙඩි තබා...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

ජනපති රනිල්ට නොතීසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ ටෙලිකොම් හා ලංකා හොස්පිට්ල්ස් කොටස් විකිණිමට අදාළවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස්...

ගම්පහ දුම්රිය ස්ථානයේ දිගු පෝලිම්

විශාල ජනකායක් එදිනෙදා භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු දෙකක් අද (28) වසා දැමීමට පියවර ගෙන තිබුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙලෙස දුම්රිය කවුළු...

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින් තිදෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. පසුගියදා (26) පස්වරුවේ හදිසියේම ඇති වූ මෙම ගින්නෙන් ගිනිකෙළි කර්මාන්තශාලාවේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here