31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහැරී කුමරුන්ට තලේබාන් පාලකයෝ දොස් කියයි

හැරී කුමරුන්ට තලේබාන් පාලකයෝ දොස් කියයි

බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ.‍

හැරී කුමරු මෙසේ පවසා ඇත්තේ ‘ද ස්පෙයාර්’ යන නමින් ලබන 10 වැනිදා එළිදැක්වීමට නියමිත ඔහුගේ ස්වයං චරිතාපදානය පොත හරහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හැරී කුමරු කළ ඇති මෙම ප්‍රකාශය ඇෆ්ගන් තලේබාන්වරුන් පාලකයන්ගේ විරෝධයට හේතුවක් වී ඇත.

තලේබාන්වරුන් පවසා ඇත්තේ හැරී කුමරු අතින් මියගොස් ඇත්තේ මුජහදීන් සටන්කාමීන් නොව, ඇෆ්ගන් සිවිල් වැසියන් බවය.

සිවිල් වැසියන් එසේ ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ‌ නොහැකි බව හැරී කුමරුන්ට දොස් නගමින් තලේබාන් සංවිධානය පවසා තිබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.