27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් මරුට

ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් මරුට

ඊයේ (07) රාත්‍රියේ පෙතියගොඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකදී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම පහරදීගැනීමෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට සහ තිදෙනෙක් රාගම රෝහලට ඇතුළු කර තිබුණු අතර එහිදී මියගොස් ඇත්තේ බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

ඔහු අවුරුදු 42ක් වයසැති පෙතියාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විමර්ශන වලදී හෙළි වී ඇත්තේ තියුණු ආයුධ සහ පොලු මුගුරුවලින් මෙම පුද්ගලයාට පහර දී ඇති බවත් ආරවුලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.