― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්පැන් අලෙවිය 50%කින් පහළට

මත්පැන් අලෙවිය 50%කින් පහළට

බදු ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් අලෙවිය සියයට 50කින් පමණ පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එවන් පසුබිමක වුව ද ඉකුත් 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ දී සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව 2021 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේ (2022) සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් එනම් බිලියන 27කින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

2021 වසරේ දී එම ආදායම රුපියල් කෝටි 13,800ක් වන අතර, පසුගිය 2022 වසරේ දී සුරාබදු ආදායම දක්වෙන්නේ රුපියල් කෝටි 16,500ක් ලෙසයි.

ඒ, අනුව 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේදී සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් 2022 වසර තුළ සුරාබදු මඟින් රුපියල් කෝටි 18,500 ක ආදායමක් හෙවත් බිලියන 185ක අදායමක් ඉපයීම ඉලක්කය වී තිබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

රටේ ඇති වූ ආර්ථික කඩාවැටීම ඇතුළු තවත් කාරණා කිහිපයක් හේතුවෙන් එම ඉලක්කයට යෑමට නොහැකි වූ බව ද එම දෙපාර්තමේන්තු සඳහන් කළා.