31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමුදල් කොල්ලකෑ පොලිස් සැරයන්වරයා ඇතුළු කණ්ඩායමක් සොයා මෙහෙයුම්

මුදල් කොල්ලකෑ පොලිස් සැරයන්වරයා ඇතුළු කණ්ඩායමක් සොයා මෙහෙයුම්

මුදල් කොල්ලයක් සිදුකර පළාගිය පොලිස් සැරයන්වරයා ඇතුළු සිව්දෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හලාවත පොලීසියට අනියුක්තව රාජකාරියේ නිරතවී සිටි අදාළ සැකකාර පොලිස් සැරයන්වරයා තවත් පුද්ගලයන් 04 දෙනෙකු සමග එකතු වී මෙම මුදල් කොල්ලය සිදුකර ඇත.

සැකකරුවන් සංචාරක වෙළෙඳාමක නිරතවූ ලොරි රථයක් නවතා එහි තිබූ රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් එලෙස කොල්ලකා ඇති බව කැකිරාව ගිරානේගම පොලීසිය සඳහන් කළා.

මෙම මංකොල්ලයට සම්බන්ධ එක් සැකකරුවෙකු යතුරුපැදියක් සමග මකුලුගස්වැව පොලීසිය අත්අඩංගුවට ගෙන ගිරානේගම පොලීසියට බාරදී තිබේ.

සැකකාර පොලිස් සැරයන්වරයා තම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් 04 දෙනෙකු සම්බන්ධ කරගෙන පොලිස් නිල ඇඳුමෙන් සැරසී පාළු ප්‍රදේශවල රථවාහන රාජකාරියේ යෙදීසිටින මුවාවෙන් වාහන නවතා සෝදිසි කොට ඒවායේ ඇති මුදල් ලබාගැනීම සිදුකර තිබේ.

ලොරි රථයේ රියදුරුට සැකසිතී එලෙස පළායමින් සිටි එක් යතුරුපැදිකරුවෙකුව සිය රථයෙන් හප්පා නවතාගෙන අවට ජනතාවගේද සහාය ඇතිව මකුලුගස්වැව පොලීසියට භාරදී ඇත.

මකුලුගස්වැව පොලීසිය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල් කොල්ලය පිළිබඳ හෙළිවී තිබුණි.