31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපාධිධාරීන් 12,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර

උපාධිධාරීන් 12,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර

දැනට පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් 12,000ක් වහාම සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඊට අදාළ තරග විභාගය ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මේ සඳහා වන ගැසට් නිවේදනය ළඟදීම ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ පැවසීය.

දැනට පාසල්වලට අනුයුක්තව සිටින උපාධිධාරීන් ඇතුළු වයස අවුරුදු 40 ට අඩු රාජ්‍ය සේවා උපාධිධාරීන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය සහ සෞන්දර්ය විෂයයන් සඳහා ගුරු පුරප්පාඩු ඇත. මධ්‍යම තරග විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් අප්‍රේල් මාසයට පෙර සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.